web analytics
You are here
comman ගවේෂණ 

SMS බස වෙනස් කළ වගයි

මානවයා බිහිවීමට මොහොතකට පෙර මානව සන්නිවේදනය බිහි විය. දරුවා මව් කුස පිළිසිදුනේ යම් දිනයකද, යම් මොහොතකද එතැන් පටන් දරුවා තම සන්නිවේදනය මව සමග සිදු කරයි. මානව සන්නිවේදනයේ ආරම්භය ද මානවය සංහතියේ ආරම්භය දක්වාම දිව යයි.

භාෂාව බිහිවීම මානව ඉතිහාසයේ විශිෂ්ට සංසිද්ධියකි. එතෙක් සංඥා, සංඛේත හා ශබ්ද මගින් අදහස් හුවමාරු කර ගත් මානවයාට වඩාත් පළුුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට මේ නිසා හැකි විය. භාෂාව බිහිවීම කිසියම් කාල සීමාවක් තුළ සිදු වුවක් නොවේ. ඒ සදහා අවුරුදු සිය දහස් ගණනක් ගත විය. ලෝකයේ ඓතිහාසික දියුණු ශිෂ්ටාචාර වල භාෂා භාවිතයේ විවිධතා සහිතය. එකම වකවානුවක දි ලෝකයේ විවිධ රටවල මිනිසුන් විවිධ භාෂා බිහි කර ගැනීම විශ්මය ජනකය. එක් එක් ජන කණ්ඩායම් විසින් නිපදවා ගත් භාෂාව වෙන් වෙන්ව කැඩි ගිය බව ඓතිහාසිකව පෙනී යයි.

අද සියල්ල වෙනස් වී ඇත. වෙනස්වෙන දහසකුත් අතර බස ද වෙනස් වී ඇත. ඊට තාක්ෂණයේ බලපෑමද වෙසෙසින්ම උපකාර වී ඇතග එකී  තාක්ෂණයේ මහිමයෙන් නව භාෂාවන්ගේ උත්පාදනයන්ද සිදුවන අවස්ථා නැත්තේම නොවේ. ඒ ආකාරයට බිහි වූ නව භාෂා ලෙස SMS භාෂාව [SMS Language]නැතිනම් කෙටි පණිවිඩ භාෂාව හැඳින්විය හැක.

කෙටි පණිවිඩ සේවාවේ නිර්මාණය වන්නේ මුදුකාංග ඉංජිනේරුවරයෙකු වන නීල් පැප්වර්ත් හා රිචඞ් ජාවිස් මගිනි. ඒ බ්‍රිතාන්‍යයේ Vodaphone දුරකථන සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ රිචඞ් ජාවිස් ට “Merry Christmas” කියා සුබ පැතුමක් ලියා යැවීම තුලිනි. ඒ නීල් ගේ ඩෙස්ක්ටොප් පරිගණකයේ සිට රිචඞ්ගේ සන්තකයේ තිබූ Orbitel 901 සෙලියුලර් දුරකතනයටයි. මෙහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ෆින්ලන්තයේ මැටී මැකොනන්ය. දුරකථන ජාලා සම්බන්ධ කරමින් පණිවිඩ යැවිය හැකි බව කීවේ ඔහුය. 1984 සිට 1992 තුළදී කෙටි පණවිඩ සේවාව වඩා දියුණු මට්ටමක නොපවතීමට හේතුව වනුයේ ඒ කාලයේ තුල තිබු දුරකතන භාවිතයේ අඩුභාවයයි. සෑම තත්ත්පරයකදීම කිට්ටුම වශයෙන් SMS [SMS Language]පණිවිඩ තුන්ලක්ෂයක් පමණ හුවමාරු වේ. වර්තමානයේ මෙය මිනිස් ජීවිතයේ අංගයක් බවට පත්ව ඇත. ජංගම දුරකථන අලෙවියේ කැපී පෙනෙන ඉහල යාමත් මිනිසුන්ගේ කාර්යය බහුලත්වයත් මෙම SMS භාෂාව ජනතාව තුළ වර්ධනය වීමට බෙහෙවින් බලපා ඇත.

SMS භාෂාව නිර්මාණය වීමට බලපෑ මූලිකම හේතුව නම් සංකිරණ වාක්‍ය ඛණ්ඩ භාවිතයෙන් බැහැරව තම පණිවිඩය අඩු අක්ෂර ගණනකින් හා වචන ගණනකින් පැවසීම සිදු වේ . තවද පහත සඳහන් කරුණුද ඊට අඩු වැඩි වශයෙන් බලපාන ලදී .

දුරකථන සමාගම් SMS එකක අඩංගු අක්ෂර (charactes) සංඛ්‍යාව අවම කිරීම මත මිල පාලනයක් ලෙස කෙටි භාෂාවක් භාවිත කිරීමට අවශ්‍ය වීමග ජංගම දුරකථන මගින් පණිවිඩ ටයිප් කිරීම අඩු වේගයකින් සිදුවිම මත විරාම ලකුණු මගහැර පණිවිඩ ටයිප් කිරීමට සිදුවීමග ජංගම දුරකථන තිරයේ (screen) කුඩා වීම මත දිගු පණිවිඩ ටයිප් කිරීමේ නොහැකියාවග තම පණිවිඩය සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමටග වැනි හේතූන් මත SMS භාෂාව නිර්මාණය වියග මේ ආකාරයට විවිධ හේතූන් මත ගොඩනැගුනු SMS භාෂාව ඉංගි‍සි භාෂාව පදනම් කොට ගෙන නිර්මාණය වී ඇත ඒ අනුව ඉංගි‍සි භාෂාවට  අනුව SMS භාෂාවෙහි කාර්යභාරය පහත පරිදි දැක්විය හැක.

SMS භාෂාවෙහි දක්නට ලැබෙන මූලිකම කාර්යයක් ලෙස මුලකුරු පමණක් භාවිත කිරීම දැක්විය හැකිය. එහිදී දිගු වාක්‍ය වෙනුවට එම වාක්‍ය තුල අඩංගු වචන වල මුල් අකුරු පමණක් මෙහිදී භාවිත කරයි. උදා –

TIME යන්නෙන්-Tears in my eyes යන වචන අදහස් කෙරේ.

SWAK යන්නෙන්-Sealed with a kiss යන වචන අදහස් කෙරේ.

තවද වචන වල අක්ෂර හෝ අක්ෂර කොටස් කෙටි කිරීම හෝ ඉවත් කිරීම සිදු වේ. පොදුවේ භාවිත නොවන කෙටි යෙදුම් ඇති වචන වල අක්ෂර හෝ අක්ෂර කොටස් ඉවත් කිරීම මෙහිදී සිදු වෙයි. කෙටි පණිවිඩය යවන තැනැත්තා විසින් කෙටි කරනු ලබන වචනය කෙටි පණිවිඩය ලබන තැනැත්තා විසින් එය සකස් කර කියවා ගත යුතුය. උදාහරණයක් ලෙස dictionary   – dctnry දැක්විය හැකිය.

සිතුවම් අක්ෂර (Pictograms)හා ලාංජනාක්ෂර (Logograms) භාවිතය. යම් අවස්ථාවල වචනයක් රූපයක් මගින් පෙන්වීමද SMS භාෂාවෙහි දක්නට ලැබේ. එහිදී පින්තූර තනි අකුරු හා ඉලක්කම් මගින් තනි වචනයක් හෝ වචන කිහිපයක් දැක්වීම සිදු කෙරේ. උදා –  “ i <3 u”  යන  සිතුවම් අක්ෂර මගින් i love you යන්න පැවසීම සිදු වේ. එහිදී <3 මගින් love හා  u මගින් you යන්න පැවසීම සිදු වේ. මීට අමතරව J, L, J, වැනි සංඥා මගින් දුක සතුට පුදුමය වැනි හැගීම්ද පැවසීම සිදු වේ. සම්මත අක්ෂර වින්‍යාසයන්ගෙන් බැහැරව කෙටි පණිවිඩය යවන තැනැත්තාගේ හැගීම් ආවේගයන්ට  අනුව වචන නිර්මාණය SMS භාෂාවෙහි මූලික භාවිතාවකි. උදා –  සතුටු සිනා සඳහා –  “ha ha ha ha ha”,  “hik hik hik”,  “bhu ha ha ha”” ලෙස භාවිත කරයි.

වර්ථමානය වන විට සන්නිවේදන  තාක්ෂණය මගින් ඉතා දියුණු තත්වයකට පත් වී ඇති  වි ඇති අතර එමගින් අති විශාල ජනකායකට එකවර ඇමතීමටත් බලපෑම් කිරීමටත් ඊට හැකියාව ලැබී තිබේ. මෙහිදී දුරකථනය ඉතා ජනපි‍්‍රය සන්නිවේදන උපකරණයක් බවට පත්ව ඇති අතර එහි මූලික සේවාවක් වූ SMS නැතිනම් කෙටි පණිවිඩ සේවාවද ජනතාව අතර ජනපි‍්‍රය වී ඇත .එහිදී ඊට ආවේණික SMS භාෂාවක්ද ගොඩනැගුනු අතර එය කෙතරම් විශිෂ්ඨ තත්ත්වයකට පත් වූයේද යත් අද වන විට SMS භාෂා ශබ්ද කෝෂ නැතිනම් (SMS Dictionaries) පවා නිර්මාණය වී තිබේ.

SMS භාෂාව භාවිතය මගින් අත්වන වාසි ලෙස, කාලය ඉතිරි කර ගත හැකි වීම. වේගවත් භාවිතය. රහස්‍ය පෞද්ගලික භාෂාවක් ලෙස භාවිතයේ හැකියාව, හැගීම් පැවසීමේ හැකියාව.මාතෘකා රහිතව පණිවිඩ යැවීමේ හැකියාව. ඩිජිටල් වෙළඳපොළ දැන්වීම් කලාව මැතිවරණ හා ඒ  ඇසුරින්    කටයුතු සඳහා පහසු භාවිතය. හදිසි පණිවිඩ ( alerts) ලබා ගැනීමේ හැකියාව යනාදිය මෙන්ම අවාසි ලෙස, අක්ෂර වින්‍යාසය දෝෂ සහිත වීම. හැගීම් පැවසීමේ හැකියාව නිසා ප‍්‍රභල මානව හැගීම් යටපත් වීමේ හැකියාව, රහස්‍ය පෞද්ගලික භාෂාවක් ලෙස භාවිතයේ හැකියාව නිසා අපරාධ සඳහා මෙය යොදා ගැනීමට හැකිවීම දැක්විය හැකිය.

ලංකාව යනු වර්ථමානය වන විට ඉතා ඉක්මනින් තම දියුණුව කරා පිය නගන සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයකි. නවීන තාක්ෂණයෙහි ආභාෂය ඉතා තදින් එල්බ ගත් රටක් ලෙසද මෙය හැඳින්විය හැකිය. ඊට හොඳම උදාහරණය වන්නේ ලංකාවේ ජනගහනයටත් වඩා ජංගම දුරකථන සංඛ්‍යාවක් ජනතාව අතර භාවිත වීමයි. ඉන් පැහැදිලි වන මූලික කරුණ නම් ජංගම දුරකථන ඇසුරින් සමාජ ගත වූ SMS භාෂාව ශ්‍රී ලාංකික ජන සමාජය තුලද බහුලව දැකිය හැකි බවයි.

ලාංකික ජන සමාජය තුල තරුණ පරපුර තුල මෙම SMS භාෂාව ව්‍යාප්තව පවතින අතර ඊට තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම බලපාන ලදී. ඉහතින් සඳහන් කල ආකාරයට කාලය හා මුදල් ඉතිරි කර ගැනීම ලෙස මෙය ලංකාව තුුලද බහුලව භාවිත වේ. නමුත් ඉහත කථා කරන ලද ඉංගී‍සි භාෂාව පදනම් කරගත් SMS භාෂාවට හාත්පසින්ම වෙනස් වන SMS භාෂාවක් ශ්‍රී ලාංකිකයන් බහුතර සංඛ්‍යාවක් භාවිත කරයි . එම SMS භාෂාව සිංග්ලිෂ් (Singlish) නැතහොත් සිංහල හා ඉංගී‍සි යන භාෂාවන් ද්විත්වය එකතු කිරීමෙන් සාදාගත් භාෂාවක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ඉංගී‍‍සි කෙටි යෙදුම් මෙන්ම සිංග්ලිෂ් SMS භාෂාවද භාෂා විශාරදයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇත. ඔවුන්ගේ මතය වූයේ මෙම වචන කෙටි කිරීම මගින් මෙන්ම මෙම භාෂා ද්විත්වය එකතු කිරීමෙන් සාදාගන්නා  නව භාෂාවන් මගින් සිංහල හා ඉංගී‍සි යන භාෂාවන් ද්විත්වයම විනාශ වන බවයි. නමුත් කෙතරම් දෝෂදර්ශනයට ලක්වුවද මෙම SMS භාෂාව දිනෙන් දින වර්ධනය වනවා මිස වියැකී යාමක් දක්නට නොලැබෙයි. අද වන විට මෙම වෙනස් වු භාෂාව සාමාන්‍ය ව්‍යවහාරයේද භාවිත වෙමින් පවති. හෙළ බස , සිංහල බස රැක ගත යුතුය. නව තාක්ෂණයට බස වෙනස් කිරීමට නොදිය යුතුය.

අනුෂා රාජපක්ෂ

Related posts

Leave a Comment