web analytics
comman කතුවැකිය 

මහා ප්‍රාඥයෙකුගේ නික්මයාම වෙනුවෙනි.

‘‘යං සදාචාර ශික්ෂණපූර්වකං ඡාත්‍රෙෂු  ජිතෙන්ද්‍රීයත්වං පොෂයති, ස ආචාර්යඃ’’

සදාචාරය සහ ශික්ෂණය සහිතව සිසුන් තුළ ඉදුරන් දිනීමේ හැකියාව යමෙක් පෝෂණය කරයි නම් ඔහු ‘ගුරුවරයා’ වේ.

ඉහත පාඨය මාතෘකා කර ගනු ලැබුවේ මෙරට බිහි වූ සුවිශේෂී පර්යේෂකයෙක්, චින්තකයෙක්, ගුරුවරයෙක් ගැන යමක් ලියා තැබීමට යි. ඔහු නමින් ‘ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ’ නම් විය. මෙම ලියමන සැකසෙන විට පියදාස රණසිංහයන් අප හැර බොහෝ දුර ගොසිනි. සෑම ගුරුවරයෙක් ම සිසුවාගේ  ජීවිතය තුළ කුමක් හෝ ඉතිරි කර තැබීමට සමත් වේ. නමුත් රණසිංහ සර් අපගේ ජීවිත තුළ බොහෝ දේ ඉතුරු කිරීමට සමත් විය. ඒවා හැ`ගීම්” සිතුවිලි” දිරිගැන්වීම්” මග පෙන්වීම්, ආදර්ශ ලෙස අපගේ ජීවිත තුළ සැමදා සැරිසරයි. මෙහිදී මා, උත්සහ ගන්නේ මේ සොඳුරු මිනිසා ගැන යමක් ලියනවාට වඩා ඔහු අපට ඉගැන්වූ දෙයින් හා ඔහුගේ ජීවිතය දෙස බලා අප ඉගෙන ගත් දෙයින් යමක් ලියා තැබීමටයි.

 

රණසිංහ සර් ගැන මා ලියා තබන සටහන මට මෙන් ම ඔබට ද සමීප විය හැකි ය. මෙය එතුමා පිළිබ`ද මාගේ කථාව මෙන් ම ඔබගේ ද කථාවයි. ඔබ අප තුළ මේ සොඳුරු මිනිසා විවිධ වේශයන්ගෙන් ජීවත්වනු ඇත. නමුත් මා ඔහු දුටුවේ දිසාපාමොක් ඇදුරුතුමෙකු සේය. විටෙක ගුරු ගීතය කථාවේ දුෂෙයින් ගුරුතුමා මෙන් ය. විටෙක හරිපුදුම ඉස්කෝලේ කථාවේ හමුවන කොබයාෂි මුල් ගුරුතුමා මෙන් ය. තවත් විටෙක ලෙනින්, චේ වැනි විප්ලවීය මිනිසෙකු සේ ය.

රණසිංහ සර් අපට බොහෝ දේ ඉගැන්වීය. ඔහු අපට විභාග ස`දහා ඉගැන්වීය. ඉන් නොනැවතී ජීවත්වීම ස`දහා ද ඉගැන්වීය. ඔහුගේ ඉගැන්වීමේ ක‍්‍රමවේදය සුවිශේෂී වූවකි. ඔහු හැමවිට ම අපට සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දීමට උත්සුක විය. ඔහු අප තුළ ගුණය මෙන් ම ඥානය ද දියුණු කිරීමට කටයුතු කළේ ය.  එතුමන් අපට ඉගැන්වූ දේ දෙස ආපසු හැරී බලන විට හැඟී යන්නේ ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමවේදය යම් දාර්ශනික පිළිවෙතක් ඔස්සේ හැඩ ගැසී ඇති බවයි.

‘අධ්‍යාපනය යනු පොත්පත්වලින් ඉගෙනුම හෝ  යම්කිසි කරුණු කටපාඩම් කිරීම හෝ පමණක් නොවේ. පොත්පත්වලින් කියැවෙන දේ සත්‍ය ද අසත්‍ය දැයි බැලීමත් ඊට සවන්දීමත් අධ්‍යාපනය වේ. අධ්‍යාපනය හුදෙක් විභාගයකින් සමත්වීම ස`දහා පමණක් නොවේ. උපාධියක් හෝ රැකියාවක් හෝ ලැබීම ස`දහා පමණක් නොවේ. ආවාහ විවාහ වී තැම්පත් වීම ස`දහා පමණක් නොවේ. කුරුල්ලන්ට සවන් දෙන්නට, අහස දෙස බලන්නට, ගසෙක අසිරිය        දකින්නට, කන්දක හැඩය නරඹන්නට, ඒවා හා එක්ව හැ`ගීම් ඇති කර ගන්නට, ඇත්තට ඒවා සමග එක එල්ලේ සම්බන්ධතා ඇති කර ගන්නට හැකිවීම ද අධ්‍යපනය යි.’

මේ ක‍්‍රිෂ්ණමූර්ති පඬිතුමා හ`දුන්වා දුන් අධ්‍යාපන දර්ශනයේ එන විග‍්‍රහයකි. ඒ අනුව සියලූම දෙනා මනුෂ්‍යයන් බවට පත්කිරීම අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතු බව ක‍්‍රිෂ්ණමූර්තිතුමාගේ ඉගැන්වීමයි.

වර්තමානයේ තාප්පවලින් වට වූ ගේට්ටු දැමූ නවීන පන්නයේ ගොඩනැගිලිවලින් පාසල්, විශ්වවිද්‍යාලය තිබුන ද ශිල්පායතන නොමැත. සර්, මැඩම් ලෙස ඇමතුම් ලබන සහතිකපත් වලින් සුදුසුකම් පුරවා ගත් ඇදුරන් මහැදුරන් සිටිය ද ඒවායෙහි හො`ද ගුරුවරුන් නොමැත. පියදාස රණසිංහයන් වැනි සත්පුරුෂ මිනිසුන් ද නොමැත.  කාලයෙන් කාලයට නව දැනුම සම්පාදනය කළ යුතු යැයි කියමින් නව විෂයමාලා සකස් කළ ද එහි ඥානයක් නොමැත. සමාජයේ ඒ ඒ භූමිකා නිසි ලෙස වටහා ගැනීමට අපහසු පසුබිමක මූලික වශයෙන් ගුරුවරයා ආදර්ශමත්ව සිය කාර්යභාරය ඉටුකළ යුතු ය.

ඔහු සවන් දෙන්නෙකු විය යුතු ය.

ඔහු සවන් දීම කෙරෙහි අසන්නාගේ අවධානය කැ`දවන්නෙක් විය යුතු ය.

ඔහු ඉගෙන ගන්නෙකු විය යුතුය.

ඔහු ශිෂ්‍යයාට මතකයේ තබා ගැනීමට සහාය වන්නකු විය යතු ය.

ඔහු කරුණු කාරණා දන්නෙකු විය යුතු ය.

ඔහු විස්තර විභාග දක්වන්නෙකු විය යුතු ය.

ඔහු උචිතානුචිත දේ පිළිබ`ද ව කුසලතාව සහිත වූවෙකු විය යුතු ය.

ඔහු කලහකාරී නොවිය යුතු ය.

ඉහතින් ස`දහන් කළේ බෞද්ධ අධ්‍යාපන සංකල්පයෙහි දැක්වෙන ගුරුවරයා පිළිබ`ද ඉගැන්වීමකි. ඒ අනුව යහපත් ගුරුවරයෙකු වගා කරගත යුතු ගුණධර්ම මාලාවක් වශයෙන් ද මෙය දැක්වීමට පිළිවන.

කතා කරන සහ වැඩ කරන මිනිසුන් ගැන පුළුල් විග‍්‍රහයක් අංගුත්තර නිකායේ වලාහක සූත‍්‍රයේ දැක්වේ. මෙහි කියැවෙන්නේ වලාවන් ගැන ය. ඒ අනුව කතා කරන වැඩ නොකරන මිනිසා ගොරවන නමුත් වහින්නේ නැති වලාවන්ට සමානය. තවත් වලාවන් නොගොරවන නමුත් වසියි. එම වලාවන් කතා නොකරන නමුත් වැඩ කරන මිනිසුන්ට සමානය. එසේම ගොරවන්නේ ද නැති වහින්නේ ද නැති වලාවන් වැනි මිනිසුන්ගෙන් සමාජයට ප‍්‍රයෝජනයක් නොමැත. මහැදුරු රණසිංහයන් අයත් වන්නේ වහින ගොරවන වළාවන් වැනි මිනිසුන් ගණයට ය. මිනිසුන්ගේ ආදර ගෞරවයට පාත‍්‍රවන්නේත්, මිනිසුන්ගේ හදවතෙහි සදාකල් ජීවත්වන්නේත් ගොරවන එසේම වහින වලාවන් වැනි ගුණ සහිත මිනිසුන් ය. ඔවුන් කථා කරයි. වැඩ ද කරයි.  හේ සිය ජීවිත කාලය තුළ බොහෝ දේ කතා කළේ ය. බොහෝ වැඩ කළේ ය. පුස්තකාල විඥාපන විෂය ධාරාව න්‍යායායත්මකවත් ප්‍රායෝගිකවත් දියුණු කළේ ය. එපමණක් නොව ඥාන දායාදය ලොවට ගෙන යා හැකි සිසු පරපුරක් ද බිහි කළේ ය.

අප සෝක වන්නේ මරණය ගැන නොවේ. සොඳුරු සත්පුරුෂ මිනිසුන් යළි නොයන ලෙස අප හැර යාම පිළිබඳවයි. ඔවුන්ගේ ඇසුර අවැසි මොහොතක එය අහිමිවීම පිළිබඳවයි.

 

-සංස්කාරක-

Related posts

Leave a Comment