web analytics
You are here
comman අයාලේ ගිය සිතුවිලි 

පුස්නොකන කවි

පුස් කාපු පාන් පෙත්තක
දිලීරය අරගෙන
හෙමි හෙමින් දවටමි
පිරිසිදු ම කඩදහියක….

දැන් ඒ කඩදහිය කිලිටි යි,
පුස් කාවි ඒ කඩදහියත්…

සුරතින් රැගෙන පෑනක්
අකුරු අමුණමි හෙමිහිට
දුර්වරණ කඩදහිය මත…

දැන්
ඒ කඩදහිය හරි අලුත්
පුස් නො කන කවියක් නිසා….

උන්මන්තක

Related posts

Leave a Comment