web analytics
comman NEWS 

චීන භාෂාව හැදෑරීමට විද්‍යාර්ථීන් පනස් අටකට ශිෂ්‍යත්ව

කැලණිය විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයෙන් චීන භාෂාව හැදෑරීම සඳහා චීනය බලා යෑමට ශිෂ්‍යත්ව හිමිකරගත් විද්‍යාර්ථීන් 58 දෙනා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා හමුවීමේ අවස්ථාවක් පසුගිය දා (අ‌ගෝස්තු 25) සනාතන සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

මාස 6 සිට අවුරුද්දක හා අවුරුදු පහක කාලයක් සඳහා මෙම ශිෂ්‍යත්වලාභීන් චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත චීන භාෂා හැදෑරීමට නියමිතය. මෙම අවස්ථාවට කොම්ෆියුසියස් ආයතනයේ ලංකා පාර්ශවයේ අධ්‍යක්ෂ නූතන භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදුම්ගමුවේ ධම්මදින්න හිමි, කොම්ෆියුසියස් ආයතනයේ චීන භාෂාව පිළිබඳ ආචාර්ය චන් මහතා, ආචාර්ය කුමාරී ජයසූරිය මහත්මිය ඇතුළු ශිෂ්‍යත්වලාභි විද්‍යාර්ථීන් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment