web analytics
You are here
comman NEWS 

පර්යේෂකයින් සදහා සනාතන සභා සම්මාන ප්‍රදානය

කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ඇගයීම සඳහා ක්‍රියාත්මක වන සනාතන සභා සම්මාන හා මූල්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් 2016 අගෝස්තු මස 25 වන දින සනාතන සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණ.

2015 – 2016 වර්ෂය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පර්යේෂණ ලේඛනවල නව පර්යේෂණ පත්‍රිකා පළ කළ පර්යේෂකයන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර සම්මාන හා මුදල් ප්‍රදානයක්ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා , සියලු පීඨ වල පීඨාධිපතිවරු, සම්මානලාභී ආචාර්යවරු මෙන් ම මහාචාර්යවරු, ආචාර්යවරු හා කථිකාචාර්යවරු ඇතුළු සනාතන සභා සාමාජිකයින් සහභාගී වූහ.

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඒ.එස්. ධම්මික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලක්මිණී වජිරා කුමාරී ජයතිලක සහ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පී.ඒ.ඩී.එන්.ගුණතිලක සහ විද්‍යා පීඨයේ ආචාර්ය යූ.පී.කේ ඈපා , ආචාර්ය තෂික ඩී රූපසිංහ, මහාචාර්ය ආර්.කේ.එස් ඩයස්, මහාචාර්ය ඩී.ඩී.එස් කුලතුංග, ආචාර්ය අයි.වී.එන් රත්නායක සහ සමාජීය විද්‍යාපීඨයේ ආචාර්ය ඩබ්.එම් සේමසිංහ, කථිකාචාර්ය ජේ.ටී.එස් ගුණසේන, කථිකාචාර්ය සී.ඩී චතුරංග ආචාර්ය එම්.ජී කුලරත්න , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්.ඩබ්.එම්.පී.කේ ජිනදාස, කථිකාචාර්ය කේ.ජේ.සී.පී විජේතිස්ස යන මහත්ම මහත්මීන් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

 

Related posts

Leave a Comment