web analytics
You are here
NEWS 

වාග් විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද වාග් විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පසුගිය දා (අ‌ගෝස්තු 25) වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

භාෂා ගැටලු, දෙවන භාෂාවකින් මව් භාෂාවට වන බලපෑම, වාග් විද්‍යාවේ ඉතිහාසය හා විදේශ භාෂා ඉගැන්වීම හා ඉගනීමේදී මුහුණපාන ගැටලු යනාදී වූ තේමාවන් ඔස්සේ සිදුකරන ලද පර්යේෂණ වල ඉදිරිපත් කිරීම් මෙහිදී සිදුකෙරුණු අතර මෙහි මුඛ්‍ය දේශනය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඇලෙක්සැන්ඩර් අඩෙලාර් මහතා පැවැත්වීය.

මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය එම්.ජේ.එස් විජයරත්න මහතා, වාග් විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය සී.ඩී.එච්.එම් ප්‍රේමරත්න මහතා ඇතුළු දේශීය විදේශීය ආචාර්ය මහාචාර්යවරුන් හා මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයන් රැසක් සහභාගි වූහ.

 

Related posts

Leave a Comment