web analytics
comman සංවාද 

‘පේ‍්‍රමාවන්ත කුමාරයෝ’

විලියම් ෂේක්ස්පියර්ගේ හාරසියවන අනුස්මරණය නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප‍්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකය සහ Academic Players A Midsummer Night’s ඉදිරිපත් කරනු ලබන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ පසුගිය දා රංගගත කෙරිණි. පේ‍්‍රමවන්ත කුමාරයෝ නාට්‍ය මහා කවි විලියම්  ෂේක්ස්පියර්ගේ Dream නාට්‍යයේ ජයවතී ජයසිංහගේ සිංහල පරිවර්තනය ඇසුරින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ලාල් හ`දපාන්ගොඩ මහතාගේ නිෂ්පාදනයක් වන මෙහි සංගීතය ප‍්‍රමිත් දහනායකගෙනි.

‘පේ‍්‍රමාවන්ත කුමාරයෝ’ නාට්‍යයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා සම`ග සිදුකළ සාකච්ඡාව මෙසේ ගොනු කරමු.

ඔබේ නාට්‍ය ජිවිතයේ ආරම්භය ගැන ස`දහන් කළොත්….

මම නාට්‍යට සම්බන්ධ වුණේ පාසල් කාලේදී. පාසලේ නිවස අතර තිබූ නාට්‍ය තරගාවලියක හො`දම න`ථවා බවට පත් වූණා. පාසලින් පසුව ජාතික නාට්‍ය පාසලට සම්බන්ධ වූණා. එහිදි මහාචාර්ය සරත්චන්ද්‍ර, දායණන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා මහාචාර්ය පීටස් බෙනවිට් යන ප්‍රවීණ නාට්‍යකරුවන් යටතේ වසරක කාලය නාට්‍ය පිළිබඳ`ද හැදෑරුවා. ඒ කාලයේ දී ඔවුන්ගේ නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. නාට්‍ය පාසලෙන් පසුව සෝමලතා සුබසිංහයන්ගේ යොවුන් රංග පිඨයට සම්බන්ධ වුනා. සෝමලතා සුබසිංහයන්ගේ නාට්‍ය නිර්මාණ වන විකෘති, චන්දකින්නරි වැනි ළමා නාට්‍යවලට රංගනයෙන් දායක වූණා. මේ කාලයේ දි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූණා. එහිදි වසන්ත ඔබේසේකර යටතේ සිනමාව පිළිබ`ද අධ්‍යයනය කළා.  මේ කාලයෙිදි විකාශනය වෙමින් තිබූ වනසරණි ටෙලිනාටයේ ප‍්‍රධාන න`ථවා ඉවත් වුණා. එම චරිතයට මට රංගනයෙන් දායක වන්න ලැබූණා. එය අහම්බයක්. ඊට අමතරව  චන්ද්‍රි පිරිස් සහ ඌෂා සරණමුත්තු යන ගුරුවරුන් යටතේ මම බටහිර නර්තනය හැදෑරුවා.

‘පේ‍්‍රමවන්ත කුමාරයෝ නාට්‍ය ඔබේ නාට්‍ය නිර්මාණවලින්  කීවෙනි නාට්‍යයද?

පේ‍්‍රමවන්ත කුමාරයෝ කියන්නේ වෘත්තිමය මට්ටමින් නිර්මාණය කරන පස්වන නාට්‍ය නිර්මාණයයි. අධ්‍යයන කටයුතු ස`දහා කරන නාට්‍ය හා වෘත්තිමය මට්ටමින් සිදුකරන නාට්‍ය කියලා වර්ග දෙකකට මම නිෂ්පාදනය කරන නාට්‍ය කාණ්ඩ කරන්න පු`ථවන්.   වෘත්තිමය මට්ටමින් කළ මුල්ම නාට්‍ය ඊඩිපස් නාට්‍ය. ඊට පසු තටු ඇවිත්, අදවගේ දවසක ඇන්ටිගනි, විසේකාරියෝ නාට්‍ය නිර්මාණය කළා. මගේ සියලූම වෘත්තිමය නාට්‍ය මුලින්ම නිර්මාණය වන්නේ සිසුන්ගේ අධ්‍යයන කටයුත්තන් ස`දහා. අධ්‍යයන කටයුතු ස`දහා මේ නාට්‍ය නිෂ්පාදනය කරන විට මට දැනුණා මෙම නාට්‍ය නුතන සමාජයට ගැළපෙන බව. ඒ අනුව පේ‍්‍රමවන්ත කුමාරයෝ වෘත්තිමය මට්ටමින් නිර්මාණය කරන්න යොමු වූණා.

නාට්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳ`ද නාට්‍යකරුවකු වශයෙන් ඔබේ දරන අදහස මොකක්ද?

නාට්‍යක් නිෂ්පාදනය කරන කොට මුලින්ම ඇතිවන්නේ මුල්‍යමය ගැටලු. විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය පර්යේෂණ ස`දහා මුල්‍යමය ආධාර ලබා දෙනවා. එහිදි ඉදිරිපත් කරන බොහෝමයක් නාට්‍ය නිර්මාණය වන්නේ පර්යේෂණ ග‍්‍රන්ථ වලින් සිදුකළ පරිවර්තන ඇසුරින්. ඒ පොත් කියවන්නෙක් නැති තරම්. නමුත් නාට්‍යක්, සිනමා කෘතියක්, කාව්‍ය ග‍්‍රන්ථයක් මිනිසුන් නරඹනවා, කියවනවා. නමුත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ අවාසනාවකට නාට්‍ය, සිනමාව ශාස්ත්‍රීය පර්යේෂණ ලෙස සලකන්නේ නෑ. එක්තරා විධියකට කියනවා නම් එය පසුගාමි චින්තනයක්. ආචාර්වරු පවා සිතන්නේ ලියන එකම තමයි ශාස්ත‍්‍රීය පර්යේෂණ කියලා. නමුත් ඔවුන් අමතක කරලා ඔවුන් ලියන්නේත් තවත් පුද්ගලයකු නිර්මාණය කළ දෙයක් බව. උදාහරණයක් ලෙස සීගිරි චිත‍්‍ර ගැන පොතක් ලියන පුද්ගලයා නෙවෙයි හොදම පර්යේෂණය සිදුකරන්නේ එම නිර්මාණය සිදුකළ පුද්ගලයා.  මෙය බොහෝ දෙනාට අමතක වෙලා. ඇමරිකාව එංගලන්තය වැනි දියුණු රටවල නාට්‍ය නිර්මාණයක්, සිනමා කෘතියක්, කාව්‍ය කෘතියක් ශාස්ත‍්‍රීය පර්යේෂණ ලෙස ඉදිරිපත් කරන්න පු`ථවන්.

නාට්‍යක් නිර්මාණය කරද්දි මිනිසුන් තිහක් හතලිහක් එක්ක එකට වැඩකරනවා. විශාල පිරිසක් සම`ග වැඩ කරනවා කියන්නේ ම පර්යේෂණයක්. එය පිළිගන්නේ නැති පසුබිම නිසා නාට්‍යක්, සිනමා කෘතියක්, කාව්‍ය නිර්මාණ ස`දහා ආධාර දෙන්නේ නෑ. මෙවැනි පසුබිමක අපට පෞද්ගලික  ව්‍යවසායකයකුගේ උදව් උපකාර ගන්න වෙනවා. ඇන්ටිගනි නාට්‍ය නිෂ්පාදනය කිරීමට ද රාජ්‍ය නොවන ආයතනයක සහය ගත්තා. නමුත් අද වෙනකොට ඇන්ටිගනි නාට්‍ය පදනම් කොට ගෙන ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක් කරලා තියෙනවා. නමුත් ඇන්ටිගනි නාට්‍ය තවමත් ශාස්ත්‍රීය පර්යේෂණයක් ලෙස  පිළිගන්නේ නෑ.

‘පේ‍්‍රමවන්ත කුමාරයෝ නාට්‍ය නිර්මාණය වන්නේ කුමන පසුබිමක් මුල් කරගෙන ද?

පේ‍්‍රමවන්ත කුමාරයෝ කියන්නේ ෂේක්ෂ්පියර්ගේ මික්සමර් නයිට් ඩිර්ම්ස් නාට්‍යයේ පරිවර්තනයක්. එම පරිවර්තනය කළේ ජයවති ජයසිංය කියන අප‍්‍රකට පරිවර්තිකාවක්. අපි මේ  නාට්‍ය කරන්නේ පරිවර්තනයකට වඩා අනුවර්තනයක ස්වරූපයෙන්. මේ නාට්‍යයේ කතා කරන ගැඹුරු මිනිස් සබ`දතා අපි ජිවත්වන සමාජයට බොහෝ කිට්ටුයි. කුලය, ගෝත්‍රය හා මුදල් අනුව කොහොමද ආදරය කරන මනුස්සයා තෝරා ගන්නේ, අපි විවාහ වන්නේ අපි කැමති කෙනාද? දෙමාපියන් කැමති කෙනාද? ඒ වගේම පැනලා යන තරුණියකගෙන් ප‍්‍රශ්න කරනවා තමන් හදා ගත් දෙමාපියන් හැරදමා යන්නේ කොහොමද කියලා. තරුණයගෙන් ප‍්‍රශ්න කරනවා ජිවිත කාලය පුරා ම මේ තරුණියට පමණක් ආදරේ කරන්න පු`ථවන්ද? කියලා. මේ අයුරින් නාට්‍ය පුරාවට ප‍්‍රශ්න ගණනාවක් අහනවා. නමුත් ඒ ප‍්‍රශ්න වලට නිශ්චිත පිළිතුරක් දිමට කාටවත් පු`ථවන් කමක් නෑ. පේ‍්‍රමයේ දී වෛරය, ඊර්ෂ්‍යාව සදාතනික වු දෙයක්. මේ නාට්‍ය පුරා ම අපේ අත්දැකිම් පේ‍්‍රක්ෂකයාට සමිප කිරිමට උත්සහ කරනවා

මෙහි ඇදුම් නිර්මාණය ස`දහා මහේෂ් මුදලි සහ හර්ෂිකා රත්නායක දායක වෙනවා.  රංගනයෙන් දායක වන්නේ විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යයන කටයුතු කරන  සිසුන් සහ වසර දහයක් පුරා   විශ්වවිද්‍යාලයේ සිටි සිසුන් අතරින් ඉතා දක්ෂ පිරිසක්. මෙම නාට්‍යයේ නිෂ්පාදන කටයුත්ත හැර අනෙක් සියල්ලයටම දායකත්වය කැලණිය අපේ පිරිස. මෙහිදී සංගිතමය ශෛලියක් අනුගමනය කරනවා. රූපණයේ දි ස්ටැනිස්ලාව්සිකිගේ රූපණ ශෛලිය මෙන් ම අපේ අපරදිග රූපණ ශෛලියටත් සමාන රූපණ රීති මෙම නාට්‍යයට අනුගමනය කරනවා.

 

සංවාදය

මනෝරි ලක්මාලි

ජනසන්නිවේදනය අධ්‍යයන අංශය

ශාස්ත‍්‍රවේදී (විශේෂ) ප‍්‍රථම වසර

 

Related posts

Leave a Comment