‘‘නවක වධය හා ආකල්ප වෙනස් වීම ” පිළිබඳ විශේෂ සංවාදය
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ශාස්ත්‍රවේදී (විශේෂ) දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ ‘‘නවකවධය හා ආකල්ප වෙනස්වීම ” පිළිබඳ විශේෂ සංවාදය පසුගිය දා (ජූනි 08) සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ දී පැවැත්විණ.
කණ්ඩායම් සම්මන්ත්රණ මගින් ගුරු සිසු සබඳතා වර්ධනය මෙහි අරමුණ වූ අතර නවකවධය තුළින් දැනුම සහිත නිර්මාණශීලී භාවයෙන් තොර පිරිසක් බිහිවන බවත් එසේ ඇතිවන ඍණාත්මක තත්ත්වය රටේ ජාතික සංවර්ධනයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදි සංවාදයට ලක්කෙරිණ.
මෙම අවස්ථාවට නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය අධ්‍යයනාංශයේ ඇත්කඳවක සද්ධාජීව හිමි , ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය හා දෙවන වසර විද්‍යාර්ථීන් සහභාගි වූහ.