web analytics
NEWS 

සංගීත භාණ්ඩ පිරිනැමීමක්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකය වෙත පිරිනමනු ලබන සංගීත භාණ්ඩ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා වෙත නිල වශයෙන් පිරිනැමීම පසුගිය දා (සැප්.19) උපකුලපති කාර්යාලයේදී සිදුකෙරිණ.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත, කලා සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ඉන්දීය කාර්යාලයේ (ICCR) අධ්‍යක්ෂ රාජේශ්‍රී බෙහෙරා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මහාචාර්ය බී.ඩී නන්දදේව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකා ද සිල්වා , ආචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

 

Related posts

Leave a Comment