web analytics
NEWS 

කුහුඹුවන්ගේ නියැඳි ගැනීම සහ හඳුනා ගැනීම පිළිබඳ අන්තර්ජාතික පුහුණු පාඨමාලාවේ සහතිකපත් පිරිනැමේ.

ආසියාවේ කුහුඹු විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් ආසියාතික කුහුඹු විශේෂ පිළිබඳ පර්යේෂණ සිදුකරනු ලබන කුහුඹු විද්‍යාඥයින් බිහි කිරීම සඳහා කුහුඹුවන්ගේ නියැඳි ගැනීම සහ හඳුනා ගැනීම පිළිබඳ අන්තර්ජාතික පුහුණු පාඨමාලාවක් පසුගිය දා (සැප්.15-16) පැවැත්විණ. සත්ත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ Regional center for Ant Research මගින් සංවිධානය කළ එම වැඩමුළුව සඳහා සහභාගී වූවන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සත්ත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ E1 203 විද්‍යාගාරයේදී සිදුකෙරිණ.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයමින් ජපානයේ කගොෂිමා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සෙයිකි යමානෝ මහතා (Professor Seiki Yamane, Emeritus Professor, Kagoshima University, Japan ) , Regional center for Ant Research හි සම්බන්ධීකරණ නිලධාරී, මහාචාර්ය ආර්.කේ.එස්.ඩයස් මහත්මිය, සත්ත්ව විද්‍යා සහ පරිසර කළමනාකරණ අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය ජී. ඒ. එස්. එම්. ගනේහිආරච්චි මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය , මැලේසියාව සහ පකිස්ථානය වැනි රටවල්හි උපාධි අපේක්‍ෂකයින් සහ උපාධිධාරීන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක විද්‍යාර්ථීහු ද සහභාගි වූහ.

 

Related posts

Leave a Comment