web analytics
You are here
NEWS 

ජාත්‍යන්තර චීන අධ්‍යයන පරිසංවාදය 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර පීඨයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ චීන පර්යේෂණ ආයතනය සහ කොන්ෆියුසියස් ආයතනය ඒකාබද්ධව ‘ශී‍්‍ර ලංකා චීන සාමාජික ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම’ යන මැයෙන් ප‍්‍රථම වරට පවත්වනු ලබන ජාත්‍යන්තර චීන අධ්‍යයන පරිසංවාදය සැප්තැම්බර් මස 22 වැනි දින පෙ.ව. 09.00 සිට දෙස් විදෙස් පර්යේෂකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් විශ්වවිද්‍යාලයීය ශී‍්‍ර‍්‍ර ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කැලණිය විශ්වවවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මැතිතුමාගේ මගපෙන්වීම මත පැවැත්වෙන මෙම ජාත්‍යන්තර පරිසංවාදයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ඉ ෂියන් ලියන්ග් මැතිතුමා සහභාගී වීමට නියමිතය. සිංහල, ඉංගි‍්‍රසි සහ චීන මාධ්‍යවලින් විවිධ තේමා කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන මෙම චීන අධ්‍යයන පරිසංවාදයට චීනයේ චොංචිං විශ්වවවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන් ජ්ර්ජුන් මැතිතුමා ඇතුළු ¥ත පිරිසක්ද චීනයේ බා ඕජී විහාරස්ථානයේ භික්ෂුණීන්වහන්සේලා දාහත් නමක් ද බන්හුවා බෞද්ධ ආයතනයේ ¥ත පිරිසක් ද  සහභාගී වීමට නියමිත ය. ඊට අමතරව කොරියාව, ඉන්දුනීසියාව වැනි රටවලින්ද මෙම පරිසංවාදය සඳහා සහභාගී වීමට නියමිත ය.

මෙම පරිසංවාදයේ ප‍්‍රධාන දේශන චීනයේ චොංචිං විශ්වවවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන් ජ්ර්ජුන් මැතිතුමන් සහ කැලණිය විශ්වවවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය පී.එම්. සී තිලකරත්න මැතිතුමන් විසින් පවත්වනු ලැබේ. සමස්ත ශී‍්‍ර ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන විද්වතුන් පිරිසක් ද තම පර්යේෂණ පති‍්‍රකා ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට සහභාගී වෙති.

 

 

 

Related posts

Leave a Comment