web analytics
You are here
තෙවැනි ඇස 

කියව කියවා සිටීම වෙනුවට ‘කියවීම’

ඕනෑවට වඩා කියවන එක ඒ තරම් හොඳ දෙයක්  නෙ‍වේ. වල්පල්, කේලාම්, හිස් වචන කියවන එක බුදුදහමෙත් අනුමත කරන්නේ නෑ. ‍ඒත් මේ කතා කරන්න හදන්නෙ ඒ කියවිල්ල ගැන නෙවෙයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි පොත් පත් ආදිය කියවීම ගැනයි මේ වැකියෙන් කියා දෙන්නෙ. ඒ ගැන කතා කරන එක අද ගොඩක් වැදගත්. මොකද අද පරපුර කියවීමෙන් ගොඩක් ඈත් වෙලා නිසා.

අතීතයේ උගත් පඬිවරු,ලේඛකයෝ බිහි වුණේ පොත් පත් ඇසුරු කිරීමෙන්. තම ලේඛණ ශෛලිය දියුණු කර ගෙන දැනුමින් පෝෂණය වන්නට පොත් පත් කියවීම කෙතරම් ඔවුනට ඉවහල් වන්නට ඇත්ද? මහගම සේකර, මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, ගුණදාස අමරසේකර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වගේ ලේඛකයෝ බිහිවන්නට බලපෑවෙත් ඔවුනගේ පොත් පත් ඇසුරු කිරීම ප්‍රභල වූ නිසයි.

පොත් පත් කියවීම මිනිසුන් සම්පූර්ණ කළත් කියවිය යුත්තේ උගත් බුද්ධිමතුනගේ පොත්පත්ය. මන්ද වාග් කෝෂය දියුණු නොවූ ලේඛකයෝ අද පොත්පත් මුද්‍රණය කරන්නේ විලාසිතාවකට මෙනි. පොතක් පතක් කියවිය යුත්තේ එයින් තම දැනුම පෝෂණය කර ගැනීමට මෙන්ම ඉහළ රසවින්දනයක් ලබා ගැනීම අරමුණු කර ගනිමිනි. දවසින් දවස මූල්‍යමය වාසි ලබා ගැනීමේ අරමුණින් බිහිවන පොත්පත් හි ලබා ගැනීමට කිසිම දෙයක් පාඨකයාට නැත.

අද ඉන්ටර්නෙට් භාවිතයට විශාල වශයෙන් දරු පරපුරක් යොමු වෙලා. එදා වියතුන් උගත් පඬිවරුන් බිහි වූයේ ඉන්ටර්නෙට් වලට ඇබ්බැහි වීමෙන් නොවේ. අද වත්මන් තරුණ පරපුර දැනුමෙන් උගත් කමින් හීන වෙලා. පොත්පත් කියවීමෙන් ඈත් වන්නට ප්‍රභලම හේතුව වෙලා තියෙන්නෙ ඉන්ටර්නෙට් වලට ඇබ්බැහි වෙලා ඉන්න එක. පුස්තකාල වල පොත්පත් අද මකුළු දැල් බැඳී ගොස්ය. සැබවින්ම සංවර්ධනය වන රටක් ලෙස මෙය කේදවාචකයකි.

සැප්තැම්බර් මාසය හඳුන්වන‍්නෙ කියවීමේ මාසය කියලයි. බොහෝ දෙනෙක් ඒ බව දන්නෙත් නෑ. නාමිකව එසේ හඳුන්වනවාට වඩා ප්‍රායෝගිකව කියවීමට නව පරපුර හුරු වන්නේ නම් තම ජීවිතය පූර්ණ කර ගන්ට කාහටත් හැකි වේවි. කියවීමෙන් තම මනස එක් තැන් කර ගැනීමේ හැකියාවද පුළුල් වේ. එමනිසා තම චර්යාවන් හසුරුවා ගැනීමටද හැකි වේ.

සැබවින්ම කියවීමෙන් අවසානයේ සැනසීම ලබා ගැනීමද කළ හැකිය. එනම් කියවීම යනු විශාල වශයෙන් වාසි ලැබෙන්නකි. අනාගතය අඳුරු කර ගෙන තම ජීවිතය විනාශ වන කාලයක් හමුවේ, ජීවිතය සම්පූර්ණ කර ගැන්මට ඔබත් අදම පොත්පත් කියවීමෙන් අනුනට ආදර්ශයක් වන්ට පටන් ගන්න.

 

ඉරෝෂි අචිනි කුලසිංහ

 

Related posts

Leave a Comment