web analytics
You are here
NEWS 

‘‘ඔඩිසි” නර්තන ප්‍රසංගයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකයේ විද්‍යාර්ථීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ඉන්දීය නර්තන ශිල්පිනී පවුලමී ගුහා විසින් ඉදිරිපත් කල ‘‘ඔඩිසි” නර්තන ප්‍රසංගය 2016 පසුගිය දා (සැප්. 16) දින සේනක බණ්ඩාරනායක ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ.

ඉන්දීය සංස්කෘතික කටයුතු පිලිබඳ ශ්‍රී ලංකා ආයතනය , ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය – නවදිල්ලිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ දෘශ්‍ය කලා සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා ඒකකය හා එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, නව දිල්ලියේ සංස්කෘතික අධ්‍යයන සහ සංවර්ධන ආයතනයේ සභාපති පී.එල් වර්මා ඇතුළු ප්‍රසාංගික කලා ඒකකයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථී හූ ද සහභාගි වූහ.

 

Related posts

Leave a Comment