web analytics
comman සංවාද 

මම පේ‍්‍රක්‍ෂකාගාරය වෙනුවෙන් මගේ වගකීම ඉටුකළා. දැන් තියෙන්නේ පේ‍්‍රක්‍ෂකාගාරයේ යුතුකම ඉටුකරන කාලයයි. -සමීර නා ඔටුන්න-

මේ දිනවල අපේ රටේ සිනමාව ප්‍රබෝධමත් ගතියක් පෙන්නුම් කරනවා. බලන බලන හැම පැත්තෙන්ම කුමක් හෝ විශේෂත්වයක් තියෙන චිත්‍රපට තිරගත වෙනවා. ඒ අතර ගොඩක් අය කතා වෙන ෆිල්ම් එකක් ලෙස ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය පෙන්වා දිය හැකි ය. ඇත්තටම මොකක්ද මේ මෝටර් බයිසිකල් කියන්නෙ. දෙස් විදෙස් සම්මාන උළෙලවල් රැසක දී සම්මානයට පාත‍්‍ර වුණු ‘මෝටර් බයිසිකල්’ ටිකක් වෙනස් විදිහෙ සිනමා කෘතියක් කියල තමයි ගොඩක් අයගෙ අදහස. සමනලී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා එක්ක දසුන් පතිරණ ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ සමීර නාඔටුන්න මහතා විසින්. මේ සිනමාවට අලුත් අධ්‍යක්‍ෂකවරයෙකු වූ ඔහුගේ පළමු සිනමා කෘතිය පිළිබඳව සිදුකළ සංවාදයේ සටහන මෙසේ දක්වමු.

x       මේ දිනවල ‘මෝටර් බයිසිකල්  චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මගේ චිත්‍රපටය බලලා තියෙනවා. තවත් අය බලන්න ආසාවෙන් ඉන්නවා. පහුගිය ජූලි 26 වෙනිදා තමයි චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තෙ. අදට සති කිහිපයක් ගෙවිලා තියෙනවා. බාල තරුණ මහලු කොයි කවුරුත් හොද ප‍්‍රතිචාර දක්වනවා. ෆේස් බුක් එකෙත් මේ ගැන කතා වෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන.

x       ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මම ක්‍ෂේත්‍රයට එන්නෙ ළමා නළුවෙක් විදිහට. පසුව රූපවාහිනී වැඩසටහන් සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන්න ලැබුණු. ඒත් එක්කම මම සිනමාවේත් සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව උදා කරගත්තා. එහිදී වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට නිර්මාණය කළා. ඒ ලැබුණු පන්නරයෙන් තමයි මෝටර් බයිසිකල් චිත්‍රපටය නිර්මාණය වුණේ.

x       ඔබේ චිත්‍රපට නිර්මාණ්‍ය සාර්ථකයි කියල ඔබ හිතනවද?

ඒක තීරණය කරන්න  ඕන පේ‍්‍රක්‍ෂකයො තමයි. ගොඩක් අය හොඳ කියනවා. පුවත්පත් නව මාධ්‍යවල පවා මේ ගැන යහපත් ආකාරයේ විචාර දැකගන්න ලැබුණා. ඒ නිසා මම හිතනවා ඇත්තටම මම සාර්ථකයි කියලා.

x       අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඔබේ උත්සහය මොන වගේද?

ඒක ඇත්තටම ලේසි වුණේ නැහැ. හරිම වේදනාකාරී දුක්බර අතිදැකීමක් වුණා. රූප මාධ්‍යයත් එක්ක වැඩ කරන්න මට පුදුම ආසාවක් තිබුණේ. මම උඩින් පාත්වුණු කෙනෙක් නෙවෙයි. හොද ප‍්‍රායෝගික දැනුමක් එක්කයි මම සිනමාවට එන්නෙ. ඒ වගේම ගොඩක් අය මට උදව් කළා මේ ගමන එන්න.

x       වැඩිපුර අහන්න ලැබෙන්නෙ හොද ද? නරක ද?

මේක නිර්ව්‍යාජ ෆිල්ම් එකක්. මේ තුළ ජීවත් වෙන්නෙ පොළොවෙ පය ගහලා ඉන්න චරිත. ගොඩක් අයගේ ජීවිත වලට සමීප කතාවක් තමයි මෝටර් බයිසිකල් කියන්නෙ. කාඞ්බෝඞ් වීර චරිත මෙහි නැහැ. දැනට නම් ගොඩක් අය හොද පැත්තට තමයි අදහස් දක්වන්නෙ.

කෙසේ වුනත් දැන් මගේ කාර්යය අවසන්. පේ‍්‍රක්‍ෂකාගාරය වෙනුවෙන් මම හරවත් චිත‍්‍රපටයක් කළා.  ප්‍රේක්ෂකයින් එක යහපත් ප‍්‍රතිචාර දැකුවූවොත් මෝටර් බයිසිකල් ඉතිහාස ගත වෙයි. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න අධ්‍යක්‍ෂකවරුන් නිෂ්පාදකවරුන් රැකගැනීම පේ‍්‍රක්‍ෂකාගාරයේ වගකීමක්.

x මෝටර් බයිසිකල් තවත් චිත්‍රපටයක කොපියක් කියලත් කියනවා. ඒ පිළිබද ඔබේ අදහස මොකක්ද?

එය පේ‍්‍රක්‍ෂකයො මේ චිත්‍රපටය නරඹලා තීරණය කරනවනම් හොදයි. මේ චිත්‍රපට තවත් එකක කොපියක්ද නැතිද කියල. අද සිනමාව හින්දි සහ දමිල නිර්මාණ කොපි කිරීමට යොමු වෙලා තියෙනවා. ස්වයං නිර්මාණ බිහි වෙන්නෙ බොහොම අඩුවෙන්. මෝටර් බයිසිකල් කිසිම නිර්මාණයක කොපියක් නෙවෙයි.

x       මේ චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔබ අවධානය යොමු කළ කරුණු මොනවාද?

කොළඹ නගරයේ ජීවත්වෙන නාගරික තරුණයෙක් ගැන තමයි මෙහි කියැවෙන්නේ. දසුන් මරදානෙ. මම බොරැල්ලෙ. ඉතින් චිත‍්‍රපටය නිර්මාණයේදී අපේ අදහස් හොදට ගැලපුනා. සමනළී තුළ මම වෙනස් හැකියාවක් දැක්ක. ඔවුන් ආත්මයෙන් ම මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. ඒ විතරක් නෙවෙයි. මහේන්ද්‍ර පෙරේරා, වීනා ජයකොඩි, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර වැනි ප්‍රවීණයින්ගේ විශිෂ්ට රංගනයක් මේ තුළ අන්තර්ගත වෙනවා. අනෙත් කාරණය තමයි මගේ නිෂ්පාදකතුමා සුරංග ජයසූරිය මහතාවත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි.

x       මේ වගේ තේමාවක් චිත්‍රපටයට තෝරගත්තෙ ඇයි?

මම කොළඹ කෙනෙක්. පුංචි කාලෙම තාත්ත නැති වුනා. අම්ම තමයි මාව බලාගත්තෙ. පටත් ඒකාල ආසාවක් තිබුණ වාහන වලට. නමුත් මිලදී ගන්න තරම් ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. මේවා සමාජයේ ගොඩක් අයට තියෙන ප‍්‍රශ්න. ඒකයි මම මේවගේ තේමාවක් තෝරගත්තෙ.

x       චිත‍්‍රපටයට ලැබුණු සම්මාන ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. අවංකව මහන්සි වුනු එකේ ප‍්‍රතිඵලය විදියට මා ලද සම්මානය පෙන්වා දෙන්න පුළුවන්. දේශීය හා විදේශීය වශයෙන් මෝටර් බයිසිකල් සම්මාන රැසක් දිනාගත්තා. මගේ ගමනට මේක ලොකු ශක්තියක් වේවි.

x       මායා චිත‍්‍රපටයත් එක්ක තරඟ කරන්න මෝටර් බයිසිකල් සිනමා කෘතියට පුළුවන් වේවිද?

මට කිසිම කෙනෙක් එක්කවත් නිර්මාණයක් එක්කවත් තරඟයක් නැහැ. මම ආමන්ත‍්‍රණය කළේ පේ‍්‍රක්‍ෂකයින්ට. පේ‍්‍රක්‍ෂකයො තීරණය කරයි මොකක්ද හොද කියල. මම කියන්නෙ චිත‍්‍රපට දෙකම බලන්න කියල. කර්මාන්තය රැකෙන්නනම් හැම චිත‍්‍රපටයක්ම මිනිසුන් බලන්න  ඕනි. මායා කියන්නෙ දමිල සිනමා කෘතියක නැවත නිෂ්පාදනයක්. වෙනස තේරුම්ගන්නනම් දෙකම බලන්න  ඕනි.

x       අලූත් නිර්මාණයක් කරන්න අදහසක් නැතිද ?

ඒක ගොඩක් මහන්සිවෙලා කාලය අරගෙන කරන්න  ඕනි වැඩක්. ගොඩක් නිෂ්පාදකවරු කතා කළා. චිත‍්‍රපටයක් කරන්න කියලා. නමුත් මට තවත් ඒ ගැන අධ්‍යයනයන් කරන්න ඕනි. ආප්ප හදනවා වගේ චිත‍්‍රපට කරන්න මම සූදානම් නැහැ. මම නිතරම විශිෂ්ට කලා කෘති රසවිඳිනවා. ඒ ඔස්සේ ලබන පන්නරය තමයි නිර්මාණ ඔස්සේ එළියට එන්නේ.

අනෙක මම චිත‍්‍රපට කරන්නෙ ගොඩක්ම ආත්ම තෘප්තිය වෙනුවෙන්. සම්මාන බලාගෙන චිත‍්‍රපට කරන්න බැහැ. ඒ වගේම මම වෙනස් දේවල් කරන්න කැමතියි. ඒව කරන්නෙ සම්මාන බලාගෙන නෙවෙයි.

සංවාද සටහන

අමිල නුවන් මධුසංඛ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related posts

Leave a Comment