web analytics
You are here
comman කාලීන 

සමාජීය විද්‍යාඥයින්ගේ තෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016

‘සංවර්ධනයේ ගෝලීය අභියෝග: සමාජීය විද්‍යා පර්යාලෝකනය’ තේමා කර ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ, සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන, සමාජීය විද්‍යාඥයින්ගේ තෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2016 සැප්තැම්බර් මස 30  සහ ඔක්තෝබර් 01 දෙදින කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙල ජනාධිපති ලේකම්, පී.බී. අබේකොන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය මොහාන් ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් ආචාර්යවරුන්, පර්යේෂකයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 30 දින පස්වරු 2.00 ට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය මලසියා සභාහ විශ්වවිද්‍යාලයේ (University of Malaysia Sabah) සාමය හා ගැටුම් නිරාකරණය අධ්‍යයන අංශයේ මහාචාර්ය කමරුල්සාමන් අස්කන්දර් (Prof. Kamarulzaman Askandar) විසින් සිදු කෙරේ.

මෙහි දී සංස්කෘතිය, උරුමය, විනෝදාස්වාදය සහ සංචාරක, අධ්‍යාපනය, මනෝවිද්‍යාව සහ සෞඛ්‍යය, ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍ය අර්බුද, දේශපාලන, ආණ්ඩුකරණය ජාත්‍යන්තර සම්බන්ධතා සහ සමාජ වෙළදපල  ආදී සමාජීය විද්‍යා කේෂ්ත්‍රයේ වැදගත් උපතේමා දහයක් යටතේ පර්යේෂණ පත්‍රිකා  ඉදිරිපත් කිරීමට නියමිත ය.

පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම, ආරාධිත පර්යේෂණ අත්දැකීම් පිළිබඳ මණ්ඩල සාකච්ඡා පැවැත්වීම මෙවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ඇති විශේෂත්වය යි.

සම්මන්ත්‍රණයේ පළමු දිනයේ (සැප් 30 දින) කාලීන පොදු සංවර්ධන අභියෝග පිළිබඳ ගෝලීය මට්ටමින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. දෙවන දිනයේ (ඔක් 01 දින) දී ශ්‍රී ලංකාවේ සංවර්ධනාත්මක අභියෝග ලෙස සලකන ආපදා කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, සංහිඳියාව, නැවත පදිංචි කර වීම සහ ජාතික ආරක්ෂාව සහ වාරි ජල කළමනාකරණය යන මූලික කරුණු හතරක් යටතේ වෙන් වෙන් ව මණ්ඩල සාකච්ඡා හතරක් තුල සාකච්ඡා කිරීමට නියමිත ය. මෙහි මූලික අපේක්ෂාව වන්නේ දේශීය සහ විදේශීය පර්යේෂණාත්මක අත්දැකීම් පදනම් කර ගෙන දැනට මෙරට සංවර්ධනයට අදාළ අභියෝග හඳුනා ගැනීම යි.

මෙම මණ්ඩල සාකච්ඡාවල මුඛ්‍ය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ උක්ත අභියෝග ජයගැනීමට ඇති මූලික ගැටලුව හඳුනා ගැනීම සහ එම ගැටලු විසදාගැනීම සදහා දෙස් විදෙස් පර්යේෂණ අත්දැකීම් යොදගන්නේ කෙසේද පිළිබද විමර්ශනය කිරීමයි.

මෙහිදී මෙරට ආර්ථික සංවර්ධනය සහ මූල්‍ය පාලනය පිළිබඳ වඩාත් සක්‍රීය දායකත්වයක් සපයන ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා ද ආපදා කළමනාකරණය පිළිබඳ දළ විශ්ලේෂණයක් එක්සත් රාජධානියේ පොර්ට්ස්මුත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රේමචන්ද්‍ර වත්තගේ මහතා විසින් ඉදිරිපත් කෙරේ.

මීට අමතරව අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාරිසරික ප්‍රතිචක්‍රීකරණ පද්ධතියේ නිර්මාපක ජපානයේ ෂිනිෂි ශිමොසේ (Shinichi Shimose), සමග මොටූමි නසුකා (Motoomi Nazuka) සහ හිරෝෂි නකගාව (Hiroshi Nakagawa), සංහිදියාව, නැවත පදිංචි කරවීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් වන මැලේසියානු විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් අධ්‍යන අංශයේ මහාචාර්ය කමරුල්ශාමන් අස්කන්දර්  මහත්මා, ඔස්ස්ට්‍ර්ලියානු ජල කලමනාකරණය ප්‍රතිපත්තිය සකස්කිරීමේදී මුලික කාර්යභාරයක් ඉටුකළ බ්‍රිස්බන්හි ක්ව්න්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ අවදානම සහ චිරත්සායි කලමනාකරණ කණ්ඩායමේ ආචාර්ය තිලක් මල්ලවාරච්චි යන මහත්ම මහත්මීන් මේ සදහා සහභාගී වීමට නියමිත ය.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවේ දී විදේශීය පර්යේෂණ පත්‍රිකා හතළිහක් ඇතුළුව දේශීය සහ විදේශීය පර්යේෂකයින්ගේ සමකාලීන පර්යේෂණ පත්‍රිකා 200 වැඩි ප්‍රමාණයක්  දින දෙකක් පුරා ඉදිරිපත් කිරීමට නියමිත ය.

වර්ෂ 2008 ජුලි සමාජීය විද්‍යාඥයින්ගේ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවති අතර එහි තේමාව වූයේ ‘දකුණු ආසියානුවන්ගේ යහපැවැත්ම සදහා සමාජීය විද්‍යාවේ න්‍යාය සහ භාවිතාව’ යි. මෙහි දී සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, කෘෂිකාර්මික, කාර්මික ආදි වශයෙන් එහි උප තේමා විය. දින තුනක් පුරා පැවති පළමු සම්මන්ත්‍රණයේ  පර්යේෂණ පත්‍රිකා 379 ඉදිරිපත් කෙරිණි.

වර්ෂ 2013 දී නොවැම්බර් සමාජීය විද්‍යාඥයින්ගේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවති අතර එහි තේමාව වූයේ ‘සංවර්ධනය වන රටවල සංස්කෘතිය සහ ගෝලීයකරණය’ යන්නයි. ‘දිළිඳුකම සහ ආර්ථික සංවර්ධනය, සංක්‍රමණය සහ නාගරීකරණය, පරිසරය සහ තිරසාර සංවර්ධනය’ එහි උප තේමා අතර විය. දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දින දෙකක් පැවති අතර එහි දී  පර්යේෂණ පත්‍රිකා 264 ඉදිරිපත් කෙරිණි.

Related posts

Leave a Comment