web analytics
අයාලේ ගිය සිතුවිලි 

පමා වූ වසන්තය

දෑස අයා සිටින්නෙමි

බලාපොරොත්තුව ද කැටිකරගත්

සිතින්,

කිම්ද මෙතරම් පමා

පැමිණෙන්න මා වෙත

පෙනෙන මානයටවත්

අඩගසමි ස්නේහයෙන්,

අයැදිමි හදවතින්,

දැනෙනවාද ඔබට……

හදවත ගැහෙන රාවය

ඉතින්,

ඉක්මණින් පැමිණෙන්න

බලාසිටින්නෙමි

පමා වී හෝ

පැමිණෙයි කියා

වසන්තය

ඔබ………..

 

ඉෂානි හංසිකා

ප්‍රථම වසර

Related posts

Leave a Comment