web analytics
You are here
comman කාලීන 

අපරාධ මැඩලීමට ‘මරණීය දණ්ඩනය’ නියම කිරීම අවශ්‍ය ද?

 

ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදුණු මරණීය දණ්ඩනයට එරෙහි වීමේ දිනය නිමිත්තෙනි.

පසුගිය කාල වකවානුවේ දී සමාජයේ සිදු වූ අපරාධ කිහිපයක් දුටුෙවමු. අපරාධ වැලැක්වීමට නම් දඬුවම් ලබා දිය යුතු බවට කවුරුත් පිළිගන්නා කරුණකි. අපරාධයක් සිදු කළ විට නීතිමය වශෙයන් දඬුවම් ලබා දෙන ආකාර අතර මරණීය දණ්ඩනය ද වේ. ඝාතනයන් සිදු කරන්නන්ට ළමා හා ස්ත්‍රී දූෂකයන්ට මරණීය දණ්ඬනය ලබා දිය යුතු බවට වර්තමානය වන විට බහුලව කතා බහට ලක් වේ. ඒ  මෑතකාලීන අපරාධ සිදුවීම් කිහිපයක් ද හේතුවෙනි. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නීතියෙන් නියම කළ ද 1976 න් පසුව ක්‍රියාත්මක කිරීම සිදු නොවේ. ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නියම කිරීම් බලය ඇත්තේ මහාධිකරණයටයි. ඒ අපරාධ කිහිපයකට අදාළව පමණි.

මරණ දණ්ඬනෙය් අරමුණ අපරාධ මැඩපැවැත්වීමයි. බොහෝ රටවල් මරණීය දණ්ඬනය ලබා දීම අහෝසි කර ඇත.  මරණීය දණ්ඩනය බලපැවැත්වෙන රටවල් වල අපරාධ සිදු වන තරමට ම මරණීම දඬුවම ලබා දෙන අතර අපරාධ වල නම් අඩුවක් නැත. මැද පෙරදිග අරාබි රටවල් මීට උදාහරණ සපයා ගත හැකි ය. සැබෑ වරදකරුවා සාක්‍ෂි වලින් ඔප්පු නොවුණ හොත් නිවැරදිකරුවකුට මරණ දඬුවම ලැබීමේ සම්භාවිතාව ද ඇත. එසේ සිදුවුව හොත් ඒ අමානුෂික වැරැද්ද නැවත වාරයක් සාදා ගැනීමට නොහැකි වනු ඇත.

2014 වන විට මරණ දඬුවම ක්‍රියාත්මක කළ රටවල් ගණන 22කි. මරණීය දණ්ඩනයට ලක් කිරීම ප්‍රචණ්ඩත්වෙය් ලක්ෂණයක් බවත් ඒය අපරාධ මැඬලීමේ විසඳුම් සෙවීමේදී බන්ධනාගාරගත කිරීම සමඟ සසඳා බැලූවිට මරණීය දණ්ඩනය මගින් සමාජයට බලපෑමක් සිදුවී නොමැති බවත් මානව හිමිකම් සංවිධානය කරුණු සහිතව පෙන්වා දෙයි. ලෝකයේ විවිධ රටවල් අතීතෙය් පටන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා හිස ගසා දැමීම, ඒල්ලා මැරීම, විදුලි පුටුව, වෙඩි තැබීම ආදී ක්‍රම භාවිත කර ඇත.

නලිනිකා ලක්ෂාණි

Related posts

Leave a Comment